ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීම සඳහා ස්වීට්සර්ලන්තයේ ඩාවෝස් නුවර බලා හෙට (13) දා පිටත්ව යන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
එහි දී ලෝක ආර්ථික සමුළුව අතරවාරයේ ජනාධිපතිවරයා ලෝක නායකයන් සහ ජාත්‍යන්තර ආයෝජකයන්ද හමුවීමට නියමිතව බවයි සඳහන් වන්නේ.
පසුගිය වසරේ ශ්‍රී ලංකාවට ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමට නොහැකි වූයේ රට බංකොලොත් වීම නිසා වන අතර මෙවර ආර්ථික සමුළුවේදී ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ආයෝජකයන් සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතව බවයි පැවසෙන්නේ.
ලෝක ආර්ථික සමුළුවට සහභාගී වීමෙන් අනතුරුව නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීම සඳහා ලබන 18 වැනිදා උගන්ඩාව බලා පිටත්ව යාමට නියමිතව අතර ජනාධිපතිවරයා ලබන 24 වැනිදා නැවත දිවයිනට පැමිණෙන බව වැඩිදුරටත් සඳහන් වෙනවා.