දේශබන්දුට පොලිස්පතිකම නොදී ඉන්න ජනාධිපති දැඩි වෑයමක

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත්වීම වැළැක්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපරිම උත්සාහයක යෙදී සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

වත්මන් පොලිස්පති චන්දන වික්‍රමරත්නගේ ධුර කාලය තවදුරටත් දීර්ඝ කිරීමට ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා වන ටිරාන් අලස්, දේශබන්දු තෙන්නකෝන් මීළඟ පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට උත්සාහ දරණ බවයි පැවසෙන්නේ.‍ෙ

කෙසේ වෙතත්, දේශබන්දු තෙන්නකෝන්ට එල්ලවී ඇති චෝදනා ආදිය නිසා මීළඟ පොලිස්පතිවරයා ලෙස ඔහුව පත් කිරීමට ජනාධිපතිවරයා අකමැති බව Colombo Gezette වාර්තාවක දැක්වුණා. දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (SLPP) නායකත්වයේ සමීපතමයෙකු ලෙස ප්‍රකටව සිටිනවා.

2022 දී ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය වැළැක්වීමට ඔහු අපොහොසත් වීම සහ එකී විරෝධතාකරුවන්ට පහර දෙන අවස්ථාවේද එහි සිටීම කතා බහට ලක් වුණා. එසේ ම අරගල සමයේ දී ඔහු පහරකෑමටද ලක් වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles