“සැබෑව”ට ජන ගඟක්: ජනතා සහන විප්ලවයක් කරන බව ජනපති කියයි

අද එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ඉලක්කගත පළමු මහජන රැලිය වන “සැබෑව” නමින් අද කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

විශාල ජනකායක් රැලිය සඳහා සහභාගී වී තිබුණු අතර එක්සත් ජාතික පක්ෂයේ උපනායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් එය සංවිධානය කර තිබුණා.

ජනපතිවරයා එහිදී ජනතාව ආමන්ත්‍රණය කරමින් කියා සිටියේ ජනතා සහන දීමේ විප්ලවයක් අරඹන බවයි. බිංදුවට වැටී තිබුණු රට ගොඩ ගැනීමට සහය දුන් එජාප පාක්ෂිකයන් මෙන් ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, සමගි ජනබලවේගයේ සේම ජනතා විමුක්ති පෙරමුණේ සාමාජික ජනතාවට ස්තුති කිරීමටද ඔහු අමතක කළේ නැහැ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles