මෙරට කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් නව පනත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සංවිධානය කෙරුණු මෙරට ජාතික උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (8) පවත්වනු ලැබුවා.
එහි දි අදහස් දැක් වු ජනාධිපතිවරයා පවසා ඇත්තේ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය සහ සමානාත්මතාවය පිළිබඳ පනත් කෙටුම්පත යන වැදගත් කෙටුම්පත් දෙකක් එළඹෙන මැයි මාසයේදී පාර්ලිමේන්තුවට ගෙන එන බවයි.