මෙරට ක්රිකට් ක්රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යෑම තම අරමුණ බව ජනපති රනිල් වික්රමසිංහ පවසනවා. 2030 ක්රිකට් ක්රීඩාව තියි යුත්තේ කොතැන දැ යි දැක්මක් තමන් සතු බවයි ඔහු පවසන්නේ.
ක්රිකට් ක්රීඩාවට අදාළ නව නීති ගෙන එමින් අතුරු කමිටුවල සහ ඇමැතිවරයාගේ බලතල අහෝසි කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා. ක්රීඩාව වානිජකරණය වන්නේ නම් එය දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යා යුතු බවයි ඔහු පවසන්නේ.
රටේ නව ආර්ථිකයක් ගොඩනගමින් සමෘද්ධිමත් බවට පත් කිරීමේ සැලසුම් රජය මේ වන විට ක්රියාත්මක කර ඇති බවත් ක්රිකට් ඇතුළු අනෙක් සෑම ක්ෂේත්රයකම දක්ෂතා දැක්විය යුතු බවත් ජනපතිවරයා පවසනවා.