විද්වත් හමුවක් කියා මත්පැන් සාදයක් දමන්න ගිය ජනපති අපේක්ෂකයාට වැඩ වරදී

2024 ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයෙන් ඉදිරිපත් වන දිලිත් ජයවීරගේ ප්‍රධානත්වයෙන් සූදානම් කර තිබූ සාදයක් අත්හිටුවීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ අනුරාධපුර සහකාර කොමසාරිස්වරයා තීරණය කර තිබෙනවා.

විද්වත් හමුවක් ලෙස කියමින් මෙම සාදය පැවැත්වීමට කටයුතු කර ඇති අතර ඒ සඳහා ආරාධිතයින් 150ක් පමණ සහභාගී වී සිටි බවයි සඳහන් වන්නේ.

එහිදී අනුරාධපුර මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලැබුණු පැමිණිල්ලක් මත නිලධාරීන් පිරිසක් පොලිසිය සමඟ පැමිණ හෝටලයේ සංග්‍රහය සඳහා සූදානම් කර තිබූ ආහාර වර්ග මුද්‍රා තබා ආරාධිතයන් වෙනුවෙන් ලබා දීමට තිබූ මත්පැන් බෝතල් පොලිසිය භාරයට ගෙන ඇතැයි සඳහන්.

සාදය සඳහා පිළියෙල කර තිබූ ආහාර සහ පාන වෙනත් ස්ථානයකට හෝ රැගෙන යාමට අවසර දෙන ලෙස සංවිධායකයන් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියද එයද ප්‍රතික්ෂේප කර ඇති අතර හෝටලය අවට පොලිස් ආරක්ෂාවද යොදවා තිබු බවයි වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles