ජනපතිගේ “පුළුවන් ශ්‍රී ලංකා” අද එළි දකී

නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි පස් වසර තුළදී රට ශක්තිමත්ව ගොඩනගන ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පුළුවන් ශ්‍රී ලංකා පස් අවුරුදු සැලසුම සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය අද (29) දිනයේදී එළිදක්වන බව කම්කරු සහ විදේශ රැකියා කටයුතු පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර පවසනවා.

මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මනුෂ නානායක්කාර වැඩිදුරටත් මෙසේද පැවසුවා.

“පුළුවන් ශ්‍රී ලංකා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ පස් අවුරුදු වැඩ පිළිවෙල සහිත ප්‍රතිපත්ති ප්‍රකාශය අද දිනයේදී එළි දක්වනවා. සමාජ, ආර්ථික සහ ප්‍රජාතන්ත්‍රීය වශයෙන් කඩා වැටුණ රට වසර දෙකක් ඇතුළදී ගොඩ නගලා, නැවත රට කඩා නොවැටෙන ලෙස ඉදිරි අවුරුදු පහේදී ගොඩ නගන සැලසුම තමයි අද දිනයේදී ඉදිරිපත් කිරීමට කටයුතු සූදානම් කරලා තියෙන්නේ.”

“සුරංගනා කතා නොවන, ආර්ථිකය, ජනතාවගේ ජීවන තත්වය ගොඩ නගන මෙහෙයුම තමයි ඉදිරිපත් කරන්නේ. රට ගොඩ නගන ඉදිරි පස් අවුරුදු මෙහෙයුම තමයි මේ ඉදිරිපත් කරන්නේ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles