ජනාධිපති ලේකම් දෙදිනකට වෙනස් වෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් තම ලේකම් ධුරයෙහි වැඩ බැලීම සඳහා චාන්දනී විජේවර්ධන පත්කර තිබෙනවා.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක වන ඇය ඉතිහාසයේ පළමු වරට එම තනතුර සඳහා පත් වු කාන්තාව ලෙස නම් වෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ලේකම් සමන් ඒකනායක ද ඉන්දියාවේ නිල සංචාරයක නිරත වන බැවින් ඇය මෙම තනතුර සඳහා පත්කර තිබෙන්නේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදීගේ ආරාධනාවකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපතිවරයා මෙලෙස දිවයිනයෙන් පිටත්ව ගියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles