කාන්තාවන්ට අයුතු යෝජනා කරමින් විනය විරෝධී ලෙස හැසිරී ඇතැයි පැවසෙන පාර්ලිමේන්තුවේ අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව නියමිත කාලයටත් පෙර ඔහු විශ්‍රාම යෑමට තීරණය කර ඒ බව පාර්ලිමේන්තු ප්‍රධානීන්ට දැනුම්දී ඇතැයි වාර්තා වෙනවා.
එම නිලධාරියා සම්බන්ධයෙන් ඉදිරිපත්වී ඇති චෝදනා ඔප්පු වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විනයානුකූලව කටයුතු කිරීමට සිදුවන බව පාර්ලිමේන්තු ප්‍රධානීන් ඔහුට දැනුම් දී තිබෙනවා.
එමනිසා ඔහු විශ්‍රාම යෑමට නියමිතව ඇත්තේ මේ වසර අවසානයේදී වුවත් කල් තියා සේවයෙන් විශ්‍රාම යෑමට තීරණය කර ඇත්තේ ඒ අනුවයි.
කෙසේ වෙතත් ඔහුට කල් තියා විශ්‍රාම යාමට ඉඩදෙනවා නම් කතානායකවරයා ඒ පිළිබඳ තීරණයක් ගතයුතු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරනවා.
එම අංශයට නිලධාරිනියන් බඳවා ගැනීමේදී සහ නිලධාරිනියන්ට උසස්වීම් පිරිනැමීමේදී ලිංගික අල්ලස් ඉල්ලා ඇතැයි කියන සිද්ධීන් සම්බන්ධයෙන් ලිඛිත සාක්ෂි රැසක් ඉදිරිපත් වීමෙන් අනතුරුව පාර්ලිමේන්තු ප්‍රධානීන් අදාළ නිලධාරියා සම්බන්ධයෙන් පසුගියදා විමර්ශන ආරම්භ කළා.
ඔහු මෙවැනිම චෝදනාවක් සම්බන්ධයෙන් මිට පෙර ද වැඩ තහනමට පවා ලක් වූ අයෙක්.
කෙසේ වෙතත් හිටපු නිලධාරියකු ඔහුට විරුද්ධව විනය ක්‍රියාමාර්ග නොගැනිම හේතුවෙන් යළි සේවයේ කටයුතු කිරීමට ඔහුට අවස්ථාව සැලසුණු බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.