ආනයනික කිරිපිටි කිලෝවක මිල අද (25) සිට රුපියල් 250-300ක් අතර මුදලකින් අඩු කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
කිරිපිටි ආනයනකරුවන් පවසන පරිදි ඒ අනුව කිරිපිටි ග්රෑම් 400ක මිල රුපියල් 100-130 අතර මුදලකින් පහත වැටෙනු ඇති.
රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට දීම සඳහා මෙසේ මිල සංශෝධනය කරන බවයි ඔවුන් පවසන්නේ.