පහතරට අමු තේ දළු කිලෝ ග්‍රෑම් එකක මිල යළි ඉහළ යමින් ඇති බව කර්මාන්තශාලා හිමියන් පවසනවා.
පසුගිය මාසයේ අමු තේ දළු කිලෝ එකක් සඳහා රුපියල් 230ක් ගෙවා ඇති අතර පසුගිය අප්‍රේල් මාසයේ දී ගෙවා තිබුණේ රුපියල් 217ක මුදලක්.
පවතින තත්වය මත ඉදිරියේදී අමු තේ දළු කිලෝවක මිල රුපියල් 250 ඉක්මවා යනු ඇති බවයි වාර්තා වන්නේ.
මිල ඉහළ තත්වයක පවත්වාගෙන යෑම වෙනුවෙන් නොමේරූ, නොතැළුණු දලු පමණක් සපයන මෙන් කර්මාන්තශාලා හිමියන් කුඩා තේ වතු හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.