අනුරාධපුර දුටු වැව ප්‍රදේශයේ පාසලක ගුරු හිමිනමක් කණට පහරක් එල්ල කිරීම නිසා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති බව කපුගොල්ලෑව පොලිසිය පවසනවා.
මෙසේ පහර දුන් හිමි නම සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇතත් අත්අඩංගුවට ගැනීමක් වාර්තා වන්නේ නැහැ.
8 වැනි වසරේ ඉගැනුම ලබන මේ සිසුවා තවත් සිසුන් පිරිසක් සමග ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිට ඇත්තේ කාලච්ඡේදයකට අදාළ ගුරුවරයෙක් එදින පැමිණ නැති බැවිනුයි. කෙසේ වෙතත් මේ අවස්ථාවේ එතැනට පැමිණි අදාළ හිමි නම සියලු සිසුන් කැඳවා කණේ පහර බැගින් එල්ල කරමින් පන්ති කාමරයට යන ලෙස අණ කර තිබෙනවා.
මේ සිසුන් අතරින් එක් අයෙකු නිවසට ගොස් මව සමග පවසා ඇත්තේ තම කණෙන් අධික වේදනාවක් දැනෙන බවයි. ඇය තම පුතුගේ කණ පරීක්ෂා කිරීමේදී ලේ ගලා ගොස් ඇති බව නිරීක්ෂණය වී තිබෙනවා. පසුව ඇය කපුගොල්ලෑව පොලිසියට ගොස් මේ බව පැමිණිලි කර තිබෙනවා.
පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා සිසුවා අනුරාධපුර රෝහලට මාරු කර යවා ඇති බව වාර්තා වෙනවා.