ජේතවන අකුණු සන්නායක හොරකමේ ප්‍රධාන සැකකරු රියැලිටි තරුවක්

අනුරාධපුර අටමස්ථානයට අයත් ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කිරීමේ සිද්ධියට එම ජාවාරමේ මහ මොළකරැ බව කියන ප්‍රසිද්ධ ගායකයකු ඇතුළු සැකකරුවන් පස්දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් සන්තකයේ තිබී අකුණු සන්නායකයේ ආරෝපණය පරීක්ෂා කරන කරන උපාංගයක් , නවීන මෝටර් රථයක් සහ ස්මාර්ට් ජංගම දුරකථන පහක් පොලීසියට භාරයට ගත් බව පොලීසිය සඳහන් කරනවා.

අත්අඩංගුවට ගත් ගායකයා රූපවාහිනී නාලිකාවක රියැලිටි තරඟයකට සහභාගී වී අවසාන කීපදෙනා අතරට තේරී පත්වී ජයගත් අයෙකු බවයි පැවසෙන්නේ.

අනුරාධපුර අටමස්ථානයට අයත් ඓතිහාසික ජේතවනාරාම දාගැබේ ආරක්ෂාවට ඇති අකුණු සන්නායකය සොරකම් කර රැගෙන යාමට පැමිණි බව කියන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන දීර්ඝ ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතැයි සඳහන්.

අදාළ සැකකරුවන් මෙම අකුණු සන්නායකයේ ඇති යම් ආරෝපණයක්, යන්ත්‍රානුසාරයෙන් ලබා ගෙන එය රුපියල් කෝටි 500කට පමණ මුදලකට විකිණීමට සූදානම්ව සිට ඇතැයි පොලිසිය කළ පරික්ෂණ වලදි හෙළි වී තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ , පොළොන්නරුව කාලිංග ඇල ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි එම ගායකයා, කල් අඩිය පුත්තලම , මකුල් වැව, වැල්ලව, බඩල්ගම මීරිගම , යටි ගහගල, මහනුවර යන ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 23, 32, 35 සහ 56 වියේ පසු වන පුද්ගලයන් තිදෙනෙක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles