ග්‍රෑන්ඩ්පාස් වෙහෙරගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ ජල කරාමය සවිකර තිබූ අනාරක්ෂිත කොන්ක්‍රිට් කණුවක් කඩා වැටීමෙන් දැරියක මිය ගිය අතර තවත් කිහිපදෙනෙක් තුවාළ ලැබුවා. මේ සිදුවීමෙන් කෝපයට පත් වූ පිරිසක් එම පාසලේ විදුහල්පතිවරයාට පහරදී ඇති බවයි වාර්තා වන්නේ. විදුහල්පතිවරයා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පැවසෙනවා.
මේ සිදුවීමෙන් ඇතිවුණ නොසන්සුන්තාව නිසා පාසලේ කටයුතු ලබන සඳුදා දක්වා අත්හිටුවීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර තිබෙනවා.
පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් වැඩිහිටි ප්‍රජාව දරුවන්ගේ ආරක්ෂාව කෙරෙහි අවධානය වැඩි කළ යුතු බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජි..විජේසූරිය පවසන්නේ.