හිටපු ජනපති දියණියගේ රන් ආලේපිත ඔටුවා සොරාගෙන

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ දියණිය පදිංචි බත්තරමුල්ල, වික්‍රමසිංහපුර දෙමහල් නිවස කඩා රුපියල් ලක්ෂ 30 කට ආසන්න දේපළ තොගයක් සොරා ගෙන ගොස් ඇතැයි තලංගම පොලිසිය පවසනවා.

සොරාගෙන තිබූ දේපළ අතර රුපියල් 1,50,000/= ක මුදලක් රන් ආලේපිත ඔටුවෙකුගේ පිළිමයක්, ස්මාර්ට් අත් ඔරලෝසුවක්, රන් ආලේපිත සිංගප්පූරු කාසි 8 ක්, වියළි ආහාර ද්‍රව්‍ය හා පාසල් පොත් බෑගයක් ඒ අතර වන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

යම් පුද්ගලයකු හෝ කීප දෙනෙකු නිවසේ මුල්තැන්ගෙයි වීදුරු දොර කඩා ඇතුළු වී එහි තිබූ දේපළ සොරාගෙන ගොස් ඇති බවටයි සැක පළ වී ඇත්තේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles