මහත් ආන්දෝලනයකට ලක්ව මේ දිනවල ක්‍රියාත්මක වෙන යුක්තිය මෙහෙයුමට එරෙහිව ඊයේ (25) කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල පැවැති විරෝධතාවකට අනන්‍යතා සඟවාගත් කණ්ඩායමක් පැමිණ බාධා කර තිබෙනවා. මේ විරෝධයට ආචාර්ය අජන්තා පෙරේරාද සම්බන්ධ වූ අයුරු දක්නට ලැබෙනවා.
මාධ්‍යවල පළ වූ දර්ශන අනුව විරෝධතාකරුවන්ට ඔවුන් හිරිහැර කරනු දක්නට ලැබෙනවා. ඔවුන් මෙම විරෝධය කඩකප්පල් කිරීමට උත්සාහ කළ බවයි පැවසෙන්නේ.
රෙදි වලින් මුහුණු වසාගත් පුද්ගලයෙකු බැණ වදිමින් පහර දෙන අයුරුද එහි දක්නට ලැබෙනවා.
විරෝධතාකාරිණියක් සමඟ දැඩි නොසන්සුන්තාවක් එහිදී හටගන්නා අතර පොලිසිය මැදිහත් වී අදාළ පිරිස ඉවත් කරනු එහි දැක්වෙනවා.
වීඩියෝව පහතින්,