මාස 6ක කාලයක් වැසෙන දුම්රිය මාර්ගය

උතුරු දුම්රිය මාර්ගයේ මහව සහ ඕමන්තේ අතර දුම්රිය මාර්ගය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ දෙවැනි අදියර ජනවාරි මස 7 ආරම්භ වෙන බව වාර්තා වෙනවා.

මේ හේතුවෙන් මහව සිට අනුරාධපුර දක්වා කොටස මාස 6ක කාලයක් දක්වා වසා තැබෙන බව දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසනවා.

එම කාලය තුළ කොළඹ සිට මහව දක්වා සහ අනුරාධපුර කන්කසන්තුරේ දක්වා පමණක් දෙපසට දුම්රිය ධාවනය වන බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles