රාජපක්ෂලා ආණ්ඩු භාරගන්න ආරාධනා කළේ නැහැ : ජාජබ නායක අනුර

රාජපක්ෂලා කිසිම අවස්ථාවක ජාතික ජන බලවේගයට ආණ්ඩුව භාරගන්න කතා කළේ නැති බවත් ඔවුන් කිසිම අවස්ථාවක මල් වට්ටියක තබා තමන්ට බලය පැවරීමක් සිදු නොකරන බවත් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

ජාතික ජන බලවේගයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

“සමහරු කියනවා රනිල් වික්‍රමසිංහ කියනවා ආණ්ඩුව බාරගන්න අපට ආරාධනා කළ අවස්ථාවේ පැනලා ගියා කියලා. අපි ඔහුට කියන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා ජනාධිපති. රනිල්ගේ තරමට ඔය වාගේ ප්‍රකාශ කළාට කමක් නැහැ. හැබැයි, ජනාධිපති ධුරයේ තරමට ඔය වාගේ කතා කියන්න එපා”.

“රාජපක්‍ෂලා කිසිම අවස්ථාවක ආණ්ඩු ගන්න අපට ආරාධනා කළේ නැහැ. අප ඒ ගැන පුදුම වෙන්නෙත් නැහැ. රාජපක්‍ෂලා මල් වට්ටියක තියලා අපට බලය පවරා දෙන්නේ නැහැ. 2022 මැයි දොළොස් වැනිදා ආණ්ඩුව භාරගන්න සූදානම් බවට ගෝඨාභය රාජපක්‍ෂට ලිඛිතව දැන්වූවා. අඩුම තරමින් එවැනි ලිපියක් ලැබුණු බවටවත් පිළිතුරක් එව්වේ නැහැ. ඊළඟට ජූලි විසිවැනිදා පාර්ලිමේන්තුවෙන් ජනාධිපති තෝරා ගැනීමේදී අපට ලැබුණේ ජාතික ජන බලවේගයේ ඡන්ද තුන පමණයි. ඒ වෙලාවේ අපිට ඡන්දය දුන්නේ නැහැනේ. “

“අප කිසිසේත්ම අභියෝග හමුවේ කවදාවත් පැනලා යන මිනිසුන් නොවෙයි. මේ සියලු කඩාවැටීම් හමුවේත්, අප සූදානමින් සිටින්නේ රට ගොඩනැඟීමේ අභියෝගය භාර ගන්නයි. ඒ නිසා අප නැවත අවධාරණය කරන්නේ “රනිල් වික්‍රමසිංහ, ඔයා රනිල් වික්‍රමසිංහගේ තරමට හැසිරුණාට කමක් නැහැ. නමුත්, ජනාධිපති ධුරයේ ඔය විදියට කටයුතු කරන්න එපා” කියලයි. අපට අවලාද එල්ල කරමින්, ඉතිහාසයේ සමහර ඝාතන පිළිබඳව ප්‍රචාරක මෙහෙයුමක් දියත් කිරීමට සූදානම් වෙනවා. “

“ඒ ප්‍රචාරක කටයුතු සූදානම් කරන අයම අපිට ඒ පණිවිඬේ දෙනවා. අඩුම වශයෙන් රනිල් වික්‍රමසිංහට ඔවුන්ගේ ඡන්දයවත් ගන්න බැහැ. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස ඔවුන්ගේ වේදිකාවල මොනවා කිව්වත්, පළමු වතාවට මේ රටේ ජනතාවගේ ආණ්ඩුවක් ගොඩනැඟීමට ලැබී තිබෙන අවස්ථාව ජයග්‍රහණය කරා ගෙන යන්න හැම දෙනාගේම කැපවීම අප අපේක්‍ෂා කරනවා. ” යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

1 COMMENT

  1. මේවා දැනුයි කියන්නේ පොඩි ලමයින්රවට්ටන්න කියන සුරංගනා කතාවගේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles