සැබෑ යුක්තිය මෙහෙයුම ගේන්නෙ අපේ රජයක් යටතේ: සමන්ත විද්‍යාරත්න

සුළු වැරදිවලට සම්බන්ධ පුද්ගලයන් පමණක් අත්අඩංගුවට ගන්නා වර්තමාන යුක්තිය මෙහෙයුම මෙන් නොව සැබෑ යුක්තිය මෙහෙයුම දියත් කරන්නේ ජාතික ජනබලවේග රජයක් යටතේ බව එහි දේශපාලන මණ්ඩල සභික සමන්ත විද්‍යාරත්න පවසනවා.

ඔහු මේ බව පැවසුවේ එම පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් කාන්තා බලමණ්ඩලය අමතමිනුයි.

මත්ද්‍රව්‍ය ජාවාරම ඍජුව දේශපාලනය හා සම්බන්ධ බවත්, මේ වන විට එයින් අල්ලන්නෙ සුළු වැරදිකරුවන් බවත් විද්‍යාරත්න චෝදනා කරනවා. එහෙත් තම රජයක් යටතේ ගෙන එන සැබෑ යුක්තිය මෙහෙයුම ගැන සියලු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, වංචාකරුවන් සහ අපරාධකරුවන් මතක තබා ගත යුතු බව ඔහු වැඩිදුරටත් පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles