“ගෙදර කවුරුත් නෑ කියලා මුල් ම දවසේ දැනගත්තා”- කුරුඳුවත්තේ සංගීත ගුරුවරියගේ මරණයේ සුලමුල හෙළිවේ

කොළඹ 07 විජේරාමයේ පදිංචි 75 හැවිරිදි සංගීත ගුරුවරියක් හදිසියේ මිය ගොස් තිබුණා. මිය ගියේ විදුලි සැර වැදීමෙන් ද යන්න පිළිබඳව පසුගිය දින තුල පරීක්ෂණ පවත්වා තිබුණා. නමුත් මේ ඝාතනය සම්බන්ධයෙන් ඊයේ (02) සැකපිට අත්ඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිව ඇත්තේ මෙම කාන්තාව දූෂණය කර, වයරයකින් ගෙල සිරකර ඝාතනය කර ඇති බවයි.

සැකකරු අවුරුදු 50ක පමණ පුද්ගලයෙක් බවත් ඔහු කුරුඳුවත්තේ පිහිටි නිවාසවල වතුපිටි සුද්ධ පවිත්‍ර කරමින් ජීවත් වී ඇති බවත් අනාවරණය වී තිබෙනවා. පසුගිය 15 වෙනිදාට පෙර දිනක ඝාතනයට ලක් වූ කාන්තාවගේ නිවසට පැමිණි බව සැකකරුගේ ප්‍රශ්න කිරීම් හමුවේ තහවුරු වී තිබුණා.

“ඒ මැඩම් වයස උනාට හරිම ලස්සනයි. වයසයි කියල පේන්නේ නැහැ. මැඩම් කෙරෙහි ආශාවක් ඇති වුණා. ගෙදර කවුරුත් නැහැ කියල මුල්ම දවසේ දැනගත්තා.” සැකකරු වැඩි දුරටත් පවසා තිබෙනවා.

මෙම කෘෘර සිදුවීම කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් විසින් සොයා ගැනීමට අවට නිවාස දෙකක හා ආයතන කිහිපයක ආරක්ෂක කැමරා සියුම් ලෙස පරීක්ෂා කර ඇති බව සඳහන් වෙනවා.

සැකකරු විසින් සොරාගෙන තිබූ ජංගම දුරකතනයක්, ලැප්ටොප් පරිගණකයක් සහ ගෑස් සිලින්ඩර දෙකක්ද පොලිසිය විසින් සොයාගැනීමට සමත් වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles