ධම්මික පොහොට්ටුවට පොල්ල තැබූ හේතුව හෙළි වෙයි!

ශ්‍රී ලංකා පොදුජන පෙරමු‍ණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ව්‍යාපාරික ධම්මික පෙරේරා අවසන් මොහොතේ එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක්තවය ප්‍රතික්ෂේප කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් වුණා.

දිගටම ජනාධිපති සටන වෙනුවෙන් ඉදිරිපත් වන බව කී ඔහුගේ ප්‍රතික්ෂේප කිරීම පොදුජන පෙරමුණටද විමතියක් දැනවූ අතර හදිසියේ ම නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීමටද ඔවුන්ට සිදු වුණේ මේ හේතුව නිසාවෙනුයි.

කෙසේ වෙතත් ධම්මිකගේ මෙම හදිසි වෙනස් වීමට හේතු ලෙස අගෝස්තු 11 වැනිදා “සන්ඩේ ටයිම්ස්“ දේශපාලන විශ්ලේෂක විසින් කරුණු දෙකක් දක්වා තිබුණා.

පළමු හේතුව ඔහු පිළිගන්නා පෙන්ග් ෂුයි නම් ආගමික විශ්වාසයයි. ධනය, පවුල, බලය, සෞඛ්‍ය ආදී විවිධ දේවල් මෙම පෙන්ග්ෂුයි දහම හරහා කියවා ගැනීම බටහිර ලෝකයේ 70 දසකයේ ජනප්‍රිය වූ බවත් පසුව ලොව පුරා පැතිර ගිය බවත් පවසන විශ්ලේෂකයා පවසන්නේ ධම්මික මෙම විශ්වාසයන්ට අනුව පැන නැගුණ තත්වයක් ද මෙම ඉදිරිපත් නොවීමට සලකා බැලූ බවයි. නිතරම රතු ටයි පටියක් පැළඳීමද මෙම විශ්වාසයන් රකින අයගේ පුරුද්දක් බවද ඔහු දක්වා තිබෙනවා. කෙසේ වෙතත් එහි දැක්වෙන්නේ පසුගිය කාලයේ ඔහු හදිසියේ අසනීප වී රෝහල්ගත කිරීමක්ද සිදුවූ බවයි.

අනෙක් කරුණ ලෙස ධම්මික පෙරේරා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ඔහුට එරෙහිව දැඩි ප්‍රචාරයක් විරුද්ධ පාක්ෂිකයන් ගෙනයාමට සැලසුම් කිරීම ඔහුගේ අවධානයට ලක්ව තිබෙන බවයි. විවිධ කරුණු ඇදගනිමින් ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යයට එරෙහිව එල්ල විය හැකි ප්‍රහාරය ගැන පසුව ඔහු අවධානය යොමු කළ බවත් එයින් මතුවන ලැජ්ජාව තමන්ට පමණක් නොව දහස් ගණනක් ඔහුගේ සේවකයන්ටත් බලපාන බැවින් එම කරුණද ඔහුගේ ඉල්ලා අස්වීමට බලපෑ බව එම විශ්ලේෂණයේ සඳහන් වෙනවා.

8 COMMENTS

  1. ඒ අනූව නාමල් රාජපක්ෂට තරග කිරීමට සිදු වන්නෙ බත්තරමුල්ලේ සීලරතන සමගය.

  2. ඕවා සියල්ලම ඉල්ලන්න කලින් සිතියයුතු කරුණු . එවැන්න් නොහැකි ඔබ දේශපාළනයට සුදුසුම නැත.

  3. ඔබ තුමා යහපත් කෙනෙක් .ඔබට දේශපාලනය වගේ දූශිත දෙයක් හරියන්නේ නැ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles