ජනපතිගේ සමුළුවට ජාජබෙ නොයන හේතුව!

ජනාධිපතිවරයා සහ ආණ්ඩුව වැඩපිළිවෙලක් නොමැතිව තැන තැන පවත්වන සකච්ඡාවල‌ට සම්බන්ධ වීමට ජාතික ජන බලවේගය සුදානම් නොමැති බව එම පක්ෂයේ විධායක මණ්ඩල සභික නලින්ද ජයතිස්ස පවසනවා.

ජනපතිවරයා වැඩපිළිවෙළක් ඉදිරිපත් කළ පසු ඊට එකඟ වන්නේ ද නොවන්නේ ද යන්න තම පක්ෂයේ ස්ථාවර සඳහන් කළ හැකි බවත් ඔහු සඳහන් කරනවා.

නමුත් මේ සකච්ඡාවලින් රනිල් වික්‍රමසිංහ සිදු කරන්නේ කල් ගැනීමක් බවත් ඒ් තුළ කිසිවක් සිදු නොවන බවයි ඔහු කියා සිටින්නේ.

එසේ ම විධායක බලය සහ වාර්ගික ප්‍රශ්නය සම්බන්ධව තම ස්ථාවරය 2015 සහ 2019 ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් බවත් ප්‍රශ්න විසඳන්නේ නම් එම ප්‍රතිපත්ති ප්‍රකාශනයද ප්‍රමාණවත් බවත් සඳහන් කරන ඔහු ජාතීන් එකට එකතු වන වැඩසටහන් ඉදිරිපත් කර සර්වපාක්ෂික සමුළු කැඳවිය යුතු බවයි පෙන්වා දෙන්නේ.

මේ පිළිබඳව එම පක්ෂයේ විධායක සභික සුනිල් හදුන්නෙත්ති පවසන්නේ මැතිවරණ අහෝසි කරන ජනතාව නොපිළි ගන්නා පුද්ගලයින් හෝ පක්ෂ සමඟ කිසිදු සකච්ඡාවක් තමාට හෝ තම පක්ෂයට නොමැති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles