පාසල් රග්බි ගැටුමේදී විනිසුරන්ට පෙරළාගෙන තඩිබාලා: 4ක් රෝහලේ!

අන්තර් පාසල් රග්බි තරඟාවලිය අතුරතුරදී ගැටුමක් සිදුව ඇති බව වාර්තා වෙනවා.

ගල්කිස්ස විද්‍යා විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර රග්බි තරඟයේදී විද්‍යා විද්‍යාලයට උත්සාහ දිනුමක් ලබා ගැනීම සම්බන්ධයෙන් මතභේදාත්මක තත්වයක් ඇති වුණා. එයින් පසුව මෙම ගැටුම ඇති බවයි සඳහන් වන්නේ.

විනිසුරු තීරණයට විරුද්ධ වූ විද්‍යා විද්‍යාලයේ ක්‍රීඩා ලෝලීන් විනිසුරුවන්ට බිම පෙරළාගෙන පහරදී ඇති බව වාර්තා වුණා.

තුවාල ලැබූ විනිසුරුවන් හතර දෙනෙක් කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර කරන බව පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles