පසුගිය කාලයේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයාට එරෙහිව කළ සියලු චෝදනා බොරු බව ඔප්පු වූ බවත් ජනාධිපතිවරයා ඔහු ඉවත් කිරීමට ගත් තීරණය ඉතාම අදූරදර්ශී එකක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් පවසනවා.
රමේෂ් පතිරණ දක්ෂ අයෙක් බවත්, තමන් ඔහුට සුබ පතන බවත් ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, කෙහෙළිය ඉවත් කිරීම ගැන තම පක්ෂය ඉතාම කනස්සල්ලට පත්වන බව කාරියවසම් මන්ත්‍රීවරයා සඳහන් කරනවා.
ජනපතිවරයාට ජනපතිකම අරන් දුන්නේ සහ පවත්වාගෙන යෑමට ශක්තිය දෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බව කියන ඔහු ශ්‍රීලනිපයේ ඉන්නා 5 දෙනාට වැඩි සැලකිල්ලක් දැක්වීම කනස්සලට කරුණක් බවයි කියා සිටියේ.
ජනපතිවරයා තම පක්ෂයට මෙසේ සැලකීම දැඩි වේදනාවට කරුණක් බවත් ඉදිරියේදී පක්ෂයක් ලෙස මේ ගැන කටයුතු කරන බවත් අද මීට සුළු වේලාවකට පෙර (10/23) පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඔහු ප්‍රකාශ කරනු ලැබුවා.