පාසල්වලට බෙදන්න ගෙනා හාල් නරක් වෙලා

පාසල් දරුවන් සඳහා බෙදා දීමට සූදානම් කර තිබුණු වේයන්ගොඩ ප්‍රදේශයේ පිහිටි රජයේ ආහාර ගබඩාවේ ගබඩාවේ සහල් තොග නියමිත ප්‍රමිතියෙන් තොර බවට ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය පවසනවා.

අදාළ සහල් තොග කෘමි හානියට ලක්වීම හේතුවෙන් පරිභෝජනයට නුසුදුසු තත්ත්වයකට පත්ව ඇති බව එම සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කරන්නේ.

මෙම සහල් තොග ලෝක ආහාර සංවිධානය මඟින් ක්‍රියාත්මක කෙරෙන පාසල් දරුවන්ට දිවා ආහාරය ලබා දීම සඳහා රැගෙනවිත් තිබු සහල් තොග බවයි වාර්තා වන්නේ.

පවතින තත්ත්වය හමුවේ අදාළ ගබඩාවෙන් සහල් තොග නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles