ළමා ජාවාරමක සුලමුල එළියට?

මෙරට ළමුන් මැලේසියාව හරහා වෙනත් රටවලට යැවීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

උතුරු – නැගෙනහිර ප්‍රදේශවල පදිංචි අවුරුදු 18ට අඩු දෙමළ ජාතික ළමුන් මැලේසියාව වෙත යවන බවට තොරතුරු හෙළිව ඇති බවයි පැවසෙන්නේ.

මෙරටින් මැලේසියාවට යාම සඳහා මෙම ළමුන් නීත්‍යානුකූල විදේශ ගමන් බලපත්‍රයක් භාවිත කරන බවත්, මැලේසියාවේදී ව්‍යාජ ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය, බ්‍රිතාන්‍ය යන රටවල් වෙත යොමු කරන බවත් අනාවරණය වී තිබෙනවා.

මෙවැනි ආකාරයට මේ වනවිට මෙරටින් ළමුන් 13 දෙනෙකු පමණ මැලේසියාවට පිටත්කර ඇති බවත් අතරමැදි ජාවාරම්කරුවෙකු සම්බන්ධ වී සිටින බවත් තොරතුරු හෙළිදරව් වී ඇතැයි පැවසෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles