ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් ලබා දීම මහජන මුදල් කෝටි ගණනක් වංචා කිරීමට අදාළ නඩුව අදත් (14) මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබුවා. එහිදී තවත් මහා පරිමාණ අපරාධයක් හෙළිදරව් කිරීමට රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම කටයුතු කළා.
ඒ මෙම ප්‍රශ්නගත ගනුදෙනුව සිදු කළ සැකකරු විසින් ම පිළිකා නාශක ඖෂධ මාත්‍රා 2200ක් සපයා තිබීමයි. කරන ලද පර්යේෂණ අනුව මේවායේ කිසිදු පිළිකා නාශක ඖෂධයක් අඩංගුව නැති අතර ඒවා වෙනුවෙන් මහජන මුදල් ලක්ෂ 1000ක් පමණ ගෙවා තිබෙනවා.
මේ පිළිබඳව අධිකරණයේදී නි.සොලිසිටර් ජනරාල්වරිය මෙසේ පැවසුවා,
” ස්වාමීනී, මෙම ප්‍රශ්නගත ඖෂධ සැපයුම්කරු විසින්ම සැපයු තවත් ඖෂධයක් තමයි රිටොක්සිමැප් කියන්නේ. එම ඖෂධ මාත්‍රා 2,250ක් සැපයීමට ප්‍රශ්නගත සැපයුම්කරුට ටෙන්ඩරය ප්‍රධානය කර තිබෙන්නේ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් මාත්‍රාව වගේම ප්‍රමාණවත් තොග සෞඛ්‍ය අංශය තුළ තිබියදියි. ඒ අනුව මෙම සැපයුම්කරු අවස්ථා 4කදි රිටොක්සිමැප් එන්නත් මාත්‍රා 2200 ක් වෛද්‍ය සැපයුම් අංශයට සපයා තිබෙනවා. ස්වාමීනි, එම ඖෂධයේ ප්‍රමිතිය සම්බන්ධයෙන් මහරගම අපෙක්ෂා රෝහලේ පිළිකා ආයතනයෙන් අප ප්‍රමිති වාර්තාවක් කැඳෙව්වා. එම වාර්තාව ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ස්වාමීනි රිටොක්සිමැප් ඖෂධය පිළිකා රෝගයෙන් සුව වීමට අදාළ වෙන්නේ එහි මොනකෝනල් නමැති පිළිකා නාශක ප්‍රතිදේහයට අන්තර්ගත වුණොත් විතරයි. නමුත් ස්වාමීනි මෙම සැපයුම්කරු සපයා ඇති රිටොක්සිමැප් කියන්නා වු මාත්‍රාවල එම ප්‍රතිදේහය කිසිඳු ලෙසකින් අන්තර්ගත වෙලා නැහැ. එය හුදෙක් හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සැපයුවා වගේම නිකන්ම නිකන් ද්‍රාවණ සැපයීමක් විතරයි. එවැනි ද්‍රාවණයකට තමයි රටේ බදු ගෙවන ජනතාවගේ මුදලින් රුපියල් ලක්ෂ 1000ක් ගෙවලා තියෙන්නේ. ස්වාමීනි, එම ඖෂධය ප්‍රශ්නගත වෙලා අධිකරණ නියෝගයකින් එම එන්නත් මාත්‍රා තොග යළි කැඳවන විටත් බෙදාහරින ලද එන්නත් මාත්‍රා 2200 න් 1200ක්ම භාවිත වෙලා තිබුණා. ඉතිරිවෙලා තිබුණේ එන්නත් මාත්‍රා 1000 ක් විතරයි. “