මීටර් 500ක් පයින් ගිය පාසල් සිසුවා මිය යයි

පාසල් සිසුවකු අද (09) උදෑසන පාසලට යද්දී නිවස අසල මාර්ගයේ ඇද වැටීමෙන් මියගොස් තිබෙනවා.

බුලත්සිංහල පොලිස් වසමෙි ඡනපද පාර, කොබවක, ගොවින්න ලිපිනයේ පදිංචි 12 හැවිරිදි මෙම දරුවා හොරණ රෝහලට ගෙන යාමෙන් පසුයි මියගොස් ඇත්තේ.

මියගිය සිසුවාගේ නිවසේ සිට පාසැල් යාමට බස් රථයක් ලබා ගැනීමට කිලෝමීටරයක පමණ දුරක් ගමන් කළ යුතුව තිබෙනවා.

අද උදෑසන එම දරුවාගේ පියා නිවසේ නොසිටීම හේතුවෙන් පාසැල් යාමට නිවසේ සිට පාගමනින් ගොස් ඇති අතර මාර්ගයේ මිටර් 500 ක් පමණ ගමන් කරන විටදි ක්ලන්තයක් සෑදි මාර්ගයේ ඇද වැටි තිබෙනවා.

කඩිනමින් හොරණ දිස්ත්‍රික් රෝහල වෙත ඇතුලත් කර ඇති අතර ප්‍රතිකාර ලබමින් සිටියදී දරුවා මියගොස් ඇති බවටයි හොරණ රෝහල් පොලිසිය මඟින් බුලත්සිංහල පොලිසිය වෙත දැනුම් දී තිබෙන්නේ.

දරුවා මියයෑමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හොරණ දිස්ත්‍රික් රෝහලේදී සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles