අරලියගහ මන්දිරයට යාබද කොල්ලුපිටිය මුස්ලිම් පල්ලියේ සිට රොටුන්ඩා වටරවුම දක්වා දිවෙන මාර්ගය යළි මහජනතාව සඳහා විවෘත කිරීමත් සමග, එම මාර්ගය දෙපස තිබූ ආරක්ෂක කුටි කොළඹ මහ නගරසභාව විසින් ඊයේ (11) ඉවත් කරනු ලැබුවා.
මෙම මාර්ගය ආරක්ෂක හේතූන් මත 2005 වසරේ සිට මේ දක්වා එනම් වසර 19ක කාලයක් වසා දමා තිබුණා.
ඒ අනුව දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රවේශ වීමට නොහැකිව තිබූ මෙම මාර්ගය වත්මන් ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීමෙන් අනතුරුව යළි විවෘත කරන ලෙස නව රජය පසුගිය දා උපදෙස් ලබා දුන්නා.