කැන්ටිමේ 50 හැවිරිදි කතට අතවර කළැයි සැරයන් කූඩුවේ

බිංගිරිය පොලිසියේ ආපනශාලාවේ සේවය කළ කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන පොලිස් සැරයන්වරයකු අත්අඩංගුවට ගත් බව බිංගිරිය පොලිසිය පවසනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බිංගිරිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

බිංගිරිය පොලිස් ස්ථානයේ ආපනශාලාවක් පවත්වාගෙන යනු ලබන පනස් හැවිරිදි කාන්තාවකට ආපනශාලාව තුළදී ලිංගික අතවර කළ බවට පොලිස්පතිවරයාට යොමු කළ පෙත්සමකට අනුව ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.

ඒ අනුව බිංගිරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඒ පිළිබඳ විමර්ශනයක් සිදුකර සැකකාර සැරයන්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles