තමන්ගේ හෝ බිරිඳගේ ගමේ පොලිසියේ සේවය මින් මතු බෑ: පොලිස් නිලධාරීන්ට තහනමක්!

පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ සිට කොස්තාපල්වරුන් දක්වා කිසිවකුටත් මින් ඉදිරියට තම ගමේ , බිරිඳගේ ගමේ හෝ ගමට ආසන්නතම පොලිසියක සේවය කිරීම සඳහා ඉඩ නොදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

මේ අනුව සියලු ම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්, අංශභාර ස්ථානාධිපතිවරුන්, සිට කොස්තාපල්වරුන් දක්වා මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ පූර්ණ අධ්‍යනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් විශේෂ කමිටුවක් පත්කර තිබෙනවා.

මෙම කමිටුවේ ප්‍රධානියා ලෙස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියව පත්කිරිමට පියවර ගෙන ඇති බව පොලිස්පතිවරයා පවසනවා.

ස්ථාන හැට දෙකක ස්ථානාධිපතිවරුන් කොළඹට කැඳවා පොලිස්පතිවරයා විසින් ගිය සතියේ පැවති සාකච්ඡාවක දී පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ පදිංචි නිසා පාතාල මර්දනයට පියවර නොගන්නා බව හෙළි වී තිබෙනවා.

පොලිස්පතිවරයා බස්නාහිර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිව සිටිය දී පසුගිය වසරේ අග භාගයේ දී පාතාල සාමාජිකයන් 1092 කගේ දත්ත වාර්තාවන් පොලිස් ස්ථානාධිපතිවරුන්ට යොමුකර නීතිවිරෝධී දේපළ හා වත්කම් අත්පත් කරගැනීමට පියවර ගන්නා ලෙස නියෝග කර තිබු අතර එහෙත් පොලිසි ස්ථානාධිපතිවරුන් රැසක් එම නියෝග කිසිවක් ක්‍රියාත්මක කර නැති බව හෙළි වී තිබෙන්නේ.

මේ සඳහා මූලික හේතු වී ඇත්තේ අදාළ පොලිස් ස්ථානාධිපතිවරුන් තම ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කිරීම නිසා පාතාල ක්‍රියාකාරකම් මර්දනයට යොමු වී නොමැති බවයි.

ඒ අනුව තම ගමේ හෝ බිරිඳගේ ගමේ හෝ ආසන්නතම ගමේ සේවය කරන සියලු දෙනාටම ස්ථාන මාරුවීම් ලබාදීමට පොලිස්පතිවරයා තීරණය කර තිබෙනවා.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles