වරායේ තෙල් හැලූ නෞකාව MEPA භාරයට

කොළඹ වරායේ නැංගුරම්ලා තිබිය දී ඉන්ධන කාන්දුවක් සිදුවූ නෞකාව සිය භාරයට ගෙන ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) පවසනවා.

එම අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අදාළ නෞකාවෙන් සිදුවූ ඉන්ධන කාන්දුව සම්බන්ධයෙන් එම නෞකාව අයත් සමාගමට සහ රක්ෂණ සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි පනත යටතේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් වන්දි මුදලක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බව සඳහන්.

අලුත්වැඩියා කටයුත්තක් සඳහා පසුගියදා කොළඹ වරායට පැමිණි ඉන්දීය සමාගමකට අයත් නෞකාවකින් ඉන්ධන කාන්දුවක් සිදුවන බවට තොරුතුරු වාර්තා වුණා.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් ඒ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරිමෙන් අනතුරුව ඉන් හයිඩ්‍රොලික් තෙල් කාන්දුවීමක් සිදුවී ඇති බවට අනාවරණය වී තිබුණා.

නෞකාව අයත් සමාගම ද අදාළ වරද පිළිගෙන ඇති අතර ඒ සඳහා වන්දි මුදලක් ලබාදීමට එකඟතාව පළ‍කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර එම ඉන්දීය නෞකාවේ කපිතාන්වරයාට රටින් පිටුවීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පියවර ගත්තා.

කොළඹ වරාය පොලීසිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුව ඊයේ (29) මෙම තහනම පැනවු බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles