“අහුංගල්ලේ බබා” ගේ පියා ඝාතනයේ වෙඩික්කරු කොටුවෙයි

මෙරට සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන දැනට ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින ආබ්‍රෙව් හෙවත් “අහුංගල්ලේ බබා” ගේ පියා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බව කියන හිටපු යුධ හමුදා සෙබළකු ඊයේ ( 26 )සවස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 3 මිලිග්‍රෑම් 410 ක්ද සමගින් අදාළ සැකකරුව බෙන්තොටදී අත්අඩංගුවට ගත් බව කොස්ගොඩ පොලීසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගනුලැබ ඇත්තේ 36 හැවිරිදි ඉඳුරුව බන්ඩාරිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඔහු කලක් යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවේ සෙබලෙකු ලෙස සේවය කර 2017 වසරේ නීත්‍යනුකූල නොවන ලෙස එයින් පැනගිය අයෙක් බවද හෙලිවී තිබෙනවා.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධව දැනට ඩුබායිහි රැඳී සිටින දෙදෙනෙකුගේ කොන්ත්‍රාත්තුවකට අනුව සැකකරු විසින් 54 හැවිරිදි කීර්තිසේන ආබ්‍රෙව් නැමැත්තාගේ ඝාතනය සිදු කර ඇතැයි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles