සමාජ මාධ්‍ය මර්දන පණත ජාත්‍යන්තර නීතිවේදී කොමිසමේ දැඩි විවේචනයට

ප්‍රකට ජාත්‍යන්තර නීතිවේදී සංවිධානයක් වන ජාත්‍යන්තර නීතිවේදී කොමිසම විසින් ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පිළිබඳ පණත දැඩිව විවේචනය කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම පනත් කෙටුම්පත අදහස් ප්‍රකාශ කිරීමේ සහ තොරතුරු දැනගැනීමේ නිදහසට පහර දීමක් බව එහි සඳහන් කර තිබෙනවා.මෙම යෝජිත පණත සම්මත වුවහොත්, නිදහස් අදහස් ප්‍රකාශනය මර්දනය කිරීමට සහ ශ්‍රී ලංකාවේ දැනටමත් හැකිළෙමින් පවතින සිවිල් අවකාශය තවදුරටත් හැකිළීමට එය හේතු වනු ඇතැයි එම සංවිධානය පවසනවා.

තොරතුරු දැනගැනීමේ හා ප්‍රකාශනයේ නිදහස ඇතුළුව රටේ මානව හිමිකම් සහ මූලික නිදහස ක්‍රියාත්මක කිරීම අඩපණ කිරීමට පණත් කෙටුම්පතේ විධිවිධාන හේතු වනු ඇති බව ජාත්‍යන්තර නීතිවේදී කොමිසම පවසනවා.

මාර්ගගත ආරක්ෂණ කොමිසමක් පිහිටුවීම, පත් කිරීම සහ කාර්යයන් සහ දඬුවම් ලැබිය හැකි වැරදි ලෙස නම් කර ඇති කරුණුවල නොපැහැදිලි බව සහ අසමාන දඬුවම් නිර්දේශය වැනි කරුණු ගැන සැලකිලිමත් විය යුතු බව එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.

“රජයේ හැසිරීම සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කරුණු සම්බන්ධයෙන් වැදගත් මහජන විවාදයන් යටපත් කිරීමට එය භාවිතා කිරීමේ අවදානමක් ඇතැයිද “එහි දක්වා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles