මියගිය පියාගේ මරණ සහතිකය ගැනීමට ගිය පුත්‍රයා ගමන් ගත් යතුරුපැදිය බුලත්සිංහල පහළ නාරගල ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටී සිදුවූ අනතුරකින් මිය ගොස් ඇති බව පොලිසය පවසනවා.
මිය ගිය අය වයස 21ක තරුණයෙක් බව සඳහන් වුණා.
හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මියගිය තම පියාගේ මරණ සහතිකය ගැනීම සඳහා බුලත්සිංහල සිට හොරණ දෙසට ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබුණා.
යතුරු පැදියෙන් ගමන්කරමින් සිටියදි පහළ නාරගල වලව්ව අසල වංගුවේ දී යතුරු පැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ විදුලි කණුවක ගැටීමෙන් මෙම මාරාන්තික අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.