ස්පා සේවිකාවගේ ලක්ෂ ගාණක් උස්සලා

ස්පා ආයතනයක සේවිකාවකගේ බැංකු කාඩ් පතෙන් ලක්ෂ 13ක මුදලක් සොරා ගෙන ඇති බවට කොල්ලුපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ලැබී ඇති බව වාර්තා වෙනවා.

කොල්ලුපිටිය සම්භාහන මධ්‍යස්ථානයක සම්භාහන කටයුතු වල නිරතව සිටින 31 හැවිරිදි කාන්තාවකගේ ATM කාඩ් පතෙන් ලක්ෂ 13කට අධික මුදලක් සොරා ගත් බවට එම මධ්‍යස්ථානයේ මුදල් අයකැමී සැකපිට අත්අඩංගුවට ගත් බව සඳහන් වෙනවා.

මෙම සැකකරු විසින් අදාළ කාඩ්පත හා රහස් අංකය සොරා ගෙන අවස්ථා කිහිපයක මෙලෙස මුදල් ලබා ගෙන ඇති බවයි විමර්ශන තුළින් හෙළිදරව් වී තිබෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles