කට වරදවාගත් කථානායක ඉල්ලා අස්වෙයි

යුරොස්ලොව් හුන්කා යුද විරුවකු ලෙස හඳුන්වා දුන් කැනඩා කථානායක ඇන්තනී රොටා ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

අඟහරුවාදා පස්වරුවේ ඔටාවා හි කැනේඩියානු නීති සම්පාදකයින් අමතමින් කථානායක ඇන්තනි රොටා කියා සිටියේ “බර සිතින්” (with a heavy heart) ඉල්ලා අස්වන බවයි.

98 හැවිරිදි යුරොස්ලොව් හුන්කා නමැති නාසි හමුදා සෙබළකු රුසියාවට එරෙහි ව සටන් වැදි යුද සෙබළකු ලෙස සලකා පාර්ලිමේන්තුවේ දී ගෞරව කිරීම සම්බන්ධයෙන් එරට අගමැති ජස්ටින් ටෘෘඩෝ සමස්ත කැනේඩියානු ජනතාව වෙනුවෙන් යුක්‍රේනයෙන් සමාව ඉල්ලා තිබෙනවා.

අගමැති ටෘෘඩෝ පවසා ඇත්තේ, නාසි සෙබළෙකුට එලෙස ගෞරව දැක්වීම පාර්ලිමේන්තුවට සහ කැනඩාවට ලජ්ජාවක් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles