දියවැඩියා රෝගියෙකුගේ මහපටැඟිල්ල ඉවත් කිරීමට භාවිතා කළ කතුරකින් හෙදියකගේ හිසට පහර දීම නිසා ඇගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඊට වන්දි ගෙවන ලෙස විශේෂඥ වෛද්‍යවරයෙකුට නියෝග කළා.
ඇයට වන්දි ලෙස පෞද්ගලික මුදලින් රුපියල් 50000ක් ගෙවන ලෙස වෛද්‍යවරයාට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණය තවත් රුපියල් 10000ක් ඇයට ගෙවන ලෙස රජයට නියෝග කරනු ලැබුවා.
මෙසේ දඩ නියම කරනු ලැබුවේ කුරුණෑගල මහ රෝහලේ සේවය කළ අශෝක විජයමාන්න නම් විශේෂඥ වෛද්‍යවරයෙකුටයි.
2019 වසරේ දිනයක කුරුණෑගල මහරෝහලේදී ශල්‍යකර්මයක් අතරතුර කතුරක් යම් ස්ථානයකින් නොතැබුවේ යැ යි කෝපාවිෂ්ටව එම කතුරෙන් හෙදියගේ හිසට පහර දී තුවාල කළ බව මූලික අයිතිවාසිකම් පෙත්සමේ සඳහන්ව තිබෙනවා. කෙසේ වෙතත් පසුව සිදු කළ පරීක්ෂණයේදී තමා එවැන්නක් නොකළ බව වෛද්‍යවරයා ප්‍රකාශ කළත් එම ස්ථානයේ සිටි සේවකයන් දෙදෙනෙකුගේ දිව්රුම් ප්‍රකාශ මගින් සිදුවීම තහවුරු වී තිබුණා.