පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අදහස් දක්වන එම විමර්ශන කමිටු සභාපති නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ ප්‍රකාශ කරන්නේ මෙම ගැටුම නිසා පාර්ලිමේන්තුවේ ගෞරවයට හානි සිදුව ඇති බවයි. මේ අගෞරව හැසිරීමට ගැටුමට සම්බන්ධ තිදෙනාම වැරදි බව මූලික විමර්ශවලින් හෙළිවන බව ඔහු පවසනවා.
නොවැම්බර් 9 වැනි දින කමිටුව රැස්වී අවසන් වාර්තාව කතානායකවරයාට භාර දෙන බවයි දැනගැනීමට ඇත්තේ.
සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන තිදෙනාම ඊයේ (6) කමිටුව ඉදිරියේ සාක්ෂි ඉදිරිපත් කර තිබුණා.