ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජාතියෙන් සමාව ඉල්ලයි

කණ්ඩායමක් වශයෙන් මුළු රටෙන් ම සමාව ඉල්ලන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇන්ජලෝ මැතිව්ස් ක්‍රීඩකයා පවසනවා.

මාධ්‍ය අමතා ඔහු ප්‍රකාශ කළේ කණ්ඩායමේ බලාපොරොත්තු සහ රටේ බලපොරොත්තු විනාශ වීම සම්බන්ධයෙන් ඔවුන් කණගාටුවෙන් සිටින බවයි.

ඔහු වැඩිදුරටත් මෙසේද පවසා සිටියා.

“අපි බොහොමත්ම කණගාටු වෙනවා කණ්ඩායමක් විදිහට අපේ බලාපොරොත්තු සහ රටේ බලාපොරොත්තු විනාශ වුණා. අපි සමාවෙන්න කියලා ඉල්ලනවා. අපි මෙතනට ආපු කටයුත්ත කරගන්න බැරි වුණා කණ්ඩායමක් විදිහට. අපි ගහපු තරග දෙකේදිම අපේ පිතිකරුවන් තමයි පසුබෑමකට ලක් වුණේ. පන්දු යවන්න සහ පන්දු රකින්නන් ඉතාමත්ම හොඳට ඒ ගහපු ඒ සුළු ලකුණු ප්‍රමාණයෙන් පවා හොඳ තරගයක් ලබාදුන්නා ඒ තරග දෙකේදීම. නමුත් අවසනාවකට අපිට ජයගන්න බැරි වුණා. මේ වගේ තරගාවලියක දී එක තරගයක් හෝ පරාජය වුණොත් මම හිතන්නේ ඉතාමත් ම අමාරුයි ඉදිරියට එන්න. අපි පළමු තරග දෙකෙන්ම පරාජය වුණාට පස්සේ ඉතාමත් අමාරු වුණා. ඒ වගේම අවාසනාවකට නේපාල තරගයටත් වැස්සෙන් බාධා එල්ල වුණා. අපිට ඉතුරුවෙලා තියෙන්නේ එක තරඟයයි. ඒ තරගය හොඳින් ක්‍රීඩා කරලා එක් ජය ගන්න බලාපොරාත්තු වෙනවා. අපිට ගොඩක් සහාය දෙනවා අපේ ප්‍රේක්ෂකයින් අපි බොහොමත් කණගාටුයි ඔවුන්ට කිසිදෙයක් ලබාදෙන්න බැරි වුණ එක ගැන. අපිට කියන්න තියෙන්නේ එකම දෙයයි. සමාවෙන්න කියලා. අපි කවුරුත් තරඟයක් පරදින්න බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි හැමතිස්සේම ජයගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒදේ කරගන්න බැරි වුණා මේ තරඟාවලියේදී.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles