T20 තරඟාවලිය සඳහා ඇමරිකාව වෙත ගිය ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම ෆ්ලොරිඩා ප්රදේශයට බලපෑ ජලගැලීම් තත්වය නිසාවෙන් බලපෑමට ලක්ව සිටින බව වාර්තා වෙනවා.
අද (13) බටහිර ඉන්දීය කොදෙව් දූපත් වෙත පිටත්ව යාමට නියමිතව සිටි ශ්රී ලංකා කණ්ඩායමට ජලගැලීම් තත්වය නිසා ෆ්ලොරිඩාවලම තවමත් රැඳී සිටීමට සිදුව තිබෙනවා.
පවතින කාලගුණ තත්වය නිසා ගුවන් ගමන් වාර රැසක් අවලංගු වී ඇති අතර ඔවුන් හෙට (14) දින පිටත් වීමට නියමිත වෙනවා.