මෙවර රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානයේ දී හොඳම පිටකවර නිර්මාණයට හිමි සම්මානය දිනාගත් පවන් අංජනගේ සම්මානිත පිටකවරය ගැන සමාජ මාධ්‍ය පුරා මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී තිබෙනවා.
මෙම රාජ්‍ය සම්මානය දිනාගත් පිටකවරය ජෙගන් ගනේෂන් විසින් පරිවර්තනය කරන ලද “අතිශය අභ්‍යන්තර පරීක්ෂණය – වාර්ගික අර්බුදය ගැන ලියැවුණු කෙටිකතා” නම් දෙමළෙන් සිංහලට පරිවර්තනය වුණු කෘතියේ පිටකවරයයි.
කෙසේ වෙතත්, මෙම පිටකවරයට එරෙහිව චෝදනා නැගෙන්නේ ලෝක ප්‍රකට සාහිත්‍යවේදී ඉතාලෝ කැල්විනෝ 1967 පළ කළ T Zero කෙටිකතා එකතුවේ පිටකවරය සම්පූර්ණයෙන් අනුකරණය කරමින් නිර්මාණය කළ එකක් බවයි.
රාජ්‍ය සම්මානය දිනාගත් පවන් අංජනගේ කවරය සහ ලෝක පූජිත නවකතාකරු ඉතාලෝ කැල්විනෝගේ පොතේ කවරය
ඒ අතර පවන් අංජන විසින් නිර්මාණය කළ කවර ගණනාවක් මෙලෙස කළ ඒවා බවට පින්තූර සාක්ෂි සහිතව පළ කර තිබෙනවා. දෙව්යාන් තිලකසිරි නම් තරුණ කලාකරුවෙකු ලියූ සටහනක් වන ඊට අදාළ සබැඳිය පහතින්,
තවත් පිරිසක් ඊට පිළිතුරු දෙමින් කියා සිටින්නේ, එය අනුකරණයක් නොව උත්තේජනයක් ලබා ගැනීමක් බවයි. මෙම තත්වය දෙස වෙනස් අදහස් පළ කරමින් මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ සාහිත්‍යවේදී කපිල එම්. ගමගේ ලියූ සටහන් පහතින්,