රාජ්‍ය ඇමති අරුන්දිකගෙන් මූල්‍ය වංචාවක් පිළිබඳ ප්‍රශ්න කරයි

මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දුගෙන් පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ඇතැයි වාර්තා වෙනවා.

ඒ රුපියල් ලක්ෂ තිහක මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණයක් මතයි.

කාන්තාවක් ඕස්ට්‍රේලියාවේ පදිංචියට යවන බවට පොරොන්දු වී අමාත්‍යවරයාගේ ලේකම්වරයෙකු මෙම මුදල ලබා ගත් බවට එම පැමිණිල්ලේ සඳහන් වෙනවා.

සම්බන්ධීකරණ ලේකම්වරයා විසින් අදාළ මුදල එම කාන්තාවගෙන් ලබාගෙන අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයාගේ ගිණුම් දෙකකට බැරකර ඇති බවයි පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.

ඒ අනුව එම බැංකු ගිණුම් වලට මුදල් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් පොලිසිය මෙසේ ප්‍රශ්න කර තිබෙන අතර අදාළ කාන්තාව ගුවන්තොටුපළ දක්වා ගෙන ගොස් අතරමං කර දමා ඇති බවටත් පැමිණිල්ල මඟින් කියා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles