අරගල සමයේ දී ඇතැම් රාජ්‍ය විරෝධීන් සහ ව්‍යවස්ථා විරෝධීන් නීති විරෝධී රජයක් පිහිටුවා රට ලිබියාවක් හෝ ඇෆ්ගනිස්ථානයක් බවට පත් කිරීමට කුමන්ත්‍රණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන පාර්ලිමේන්තුවේදී පෙරේදා (21) දා පැවසුවා.
රාජ්‍ය අකර්මණ්‍යය කිරීමේ සැලැස්ම තමාගේ නොවෙනස් ස්ථාවරය හේතුවෙන් ව්‍යාර්ථවී ගිය බවද ඔහු සඳහන් කළා.
මෙම විශේෂ ප්‍රකාශය ඔහු විසින් සිදු කළේ විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීමෙන් අනතුරුවයි.
කතානායක ධුරයට පත් කළ දින සිට පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ශ්‍රී ලංකා ජනරජයේ පැවැත්ම වෙනුවෙන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහ හෘද සාක්ෂියට එකඟව කටයුතු කළ බවත් ඔහුගේ දේශපාලන පක්ෂය මේ රටේ ජනතාව බව ද එහි දි පවසා තිබෙනවා.
ගිනි තැබීම්, මිනීමැරීම් හා රාජ්‍ය මෙන්ම පෞද්ගලික දේපළ විනාශ කිරීමට දායක වුණු කිසිවකු රටක් නැවත ගොඩනැගීමට කටයුතු කළ බවක් ලෝක ඉතිහාසයේ සඳහන් නොවන බවද ඔහු පවසනවා.
ඒ අනුව ඔහුට සහාය දුන් සෑමටත් නිර්දය ලෙස විවේචනය කළ සැමටත් ඔහු සදා කල්හිම නියෝජනය කරන අහිංසක ජනතාවටත් කිසිදු වෙනසක් නොමැතිව ඔහුගේ කාමරයේ දොර කවදත් එක ලෙසින් විවෘතව පවතින බවද කතානායකවරයා වැඩිදුරටත් පැවසුවා.