“ස්ට්‍රයික් එක නිසා තමයි මේ සේරම වුණේ” මියගිය තරුණයාගේ පියා මාධ්‍යයට කී කතාව

අද (12) උදෑසන නුවර සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක වහලය මත නැගී පැමිණි තරුණයෙක් හොරපේ දුම්රිය ස්ථානයේ වහලයේ හැපී මරණයට පත් තරුණයා වෙනුවෙන් අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද ශෝකය පළ කෙරුණා.

එහිදී  කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ,

“ කැබිනට් ප්‍රකාශන දැනුම් දීමට ප්‍රථම ප්‍රවාහන, මහාමාර්ග විෂයභාර අමාත්‍යවරයා වශයෙන් අද දිනයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අනීතික වර්ජනයක් හේතුකොට ගෙන මිය ගිය නිරායුධ අවිහිංසක දරුවෙක් වෙනුවෙන් විනාඩි කිහිපයක් ශෝකය පළ කරලා මම මේ රැස්වීම පවත්වන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනුයි.

මේ අතර තම පුතාගේ මරණය සම්බන්ධයෙන් කම්පනයට පත් පියා

“එයා ජපන් ටෙක් එකේ කෝස් එක්ක කරනවා මොරටුවේ.. හැමදාම 06.05 කෝච්චියට මම ගිහිල්ලා දාන්නේ.. ගම්පහෙන් නගින්නේ.. අද මම ගිහින් දාලා ඉවර වෙලා මම කිව්වා 06.45ට තියෙන්නේ දැන් කෝස් එකට යන්න වෙලා මදි කියලා ගෙදර එන්න කියලා අම්මට මම කිව්වාම අම්මා කෝල් කළා, පුතේ ගෙදර වරෙන් කියලා. අද යන්නම ඕනේ කියලා තමයි ඔය ගියේ.. ස්ට්‍රයික් එක නිසා තමයි මේ සේරම දේ වුණේ.. නැත්තම් මගේ පුතා හැමදාම 06.05 කෝච්චියේ ගිහිල්ලා හැමදාම වේලාවට යනවා එතනට..” යනුවෙන් මාධ්‍යවෙත අදහස් දක්වමින් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles