පාසලේදී ලිස්සා වැටීමෙන් බරපතළ තුවාල ලැබූ සිසුවියක් රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
අද (06) උදෑසන මෙය සිදුවී ඇති බව වාර්තා වෙන අතර දැරිය කලවාන මීපාගම ජයන්ති මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ 13 හැවිරිදි සිසුවියක් බවයි සඳහන් වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු ලබාදුන් පුද්ගලයා සඳහන් කළේ,
“ඒ දැරිය නාමලේඛනය අරගෙන පන්තියට එනකොට බිම ලිස්සලා වැටිලා තියෙනවා. එතන අඩි එකහමාරක පමණ කොන්ක්‍රීට් ගලක් තිබිලා… ඒකේ නිකට වැදිලා. ඊට පස්සේ තමයි නැති වෙලා තියෙන්නේ.” යනුවෙනුයි.