පෙම්වතා වෙතින් දූෂණයට ලක් වූ සිසුවිය දිවි ගමනට සමු දෙයි

සිය පෙම්වතා වෙතින් දූෂණය වූ වයස අවුරුදු 16ක පාසල් සිසුවියක් ඖෂධ අධිමාත්‍රාවක් ගැනීමෙන් සිය දිවි නසාගත් දුක්මුසු පුවතක් බදුල්ල ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.

මෙම දැරිය බදුල්ල ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබූ අතර වයස අවුරුදු 70ක් වන සිය මිත්තණිය භාරයේ ජීවත් වූ බවයි පැවසෙන්නේ.

සතියකට පමණ පෙර ඇගේ 20 හැවිරිදි පෙම්වතා ත්‍රිරෝද රථයකින් පැමිණ ඇය බදුල්ල සරුංගල්කන්ද ප්‍රදේශයට රැගෙන ගොස් තිබෙනවා. මේ බව දුරකතන කෙටි පණිවිඩයකින් ඇය මිතුරියකට දැනුම් දී ඇතැයි සඳහන්.

සිද්ධිය සම්බන්ධයෙන් ඇගේ පෙම්වතා බව කියන 20 වියැති තරුණයා බදුල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles