සිර මැදිරියක් තුළ සිටි සැකකරුවකු නූලක ආධාරයෙන් ගෙල වැළලාගෙන මිය ගොස් තිබෙනවා.
එසේ මියගොස් ඇත්තේ ලිංගික අපයෝජන චෝදනාවක් මත අත් අඩංගුවට ගත් හෝමාගම පනාගොඩ රොමියෙල් මාවත පදිංචිකරුවකු වන 54 හැවිරිදි පුද්ගලයෙක්.
හෝමාගම පනාගොඩ මාදෙනියවත්ත ප්රදේශයේ වයස අවුරුදු 19 ක තරුණියක විසින් සිදුකළ සිදු කළ පැමිණිල්ලක් මතයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ. අතුරුගිරිය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් මෙම පරීක්ෂණ මෙහෙයවා තිබෙනවා.