බාල බෙහෙත් ජාවාරමේ සැකකරු සියලු තොරතුරු හෙළි කරලා

ව්‍යාජ ප්‍රතිදේහ එන්නත් රජයට අලෙවි කිරීම සම්බන්ධ නඩුවට අදාළව අවසන්වරට අත්අඩංගුවට ගත් සැකකරු සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් සමන් රත්නායක විසින් ඊයේ (4) වැනි දා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම හමුවේ පැය භාගයක පමණ පාපෝච්ඡාරණයක් ලබා දුන් බව වාර්තා වෙනවා.

මහේස්ත්‍රාත්වරියගේ නිල මැදිරියේදී පැය භාගයක් පුරා අදාළ නඩුකරයට අදාළ සියලු තොරතුරු ඔහු විසින් හෙළි කරන ලද බවයි පැවසෙන්නේ.

ප්‍රකාශයෙන් අනතුරුව ඔහුව නැවත මාර්තු 14 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ අතර අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙසද නියෝග කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest

More articles