පසුගිය දා මලවත්හිරිපිටිය විහාරස්ථානයකදී හිමිනමක් වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්රධාන සැකකරු හම්බෙගමුව ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හිටපු යුද හමුදා කොමාන්ඩෝ සෙබළෙකු වන ඔහු හෙළිදරව් කර ඇත්තේ ඝාතනයට ලක් වූ හිමිනම සතුව තිබූ මැණිකක් ලබාගෙන ඒ හිමියන්ට වෙඩි තබා මරා දැමූ බවයි.
මේ වන විට ඩුබායිහි සැඟවී සිටින අතුරුගිරියේ ලැටා සහ බත්තරමුල්ලේ ලැන්ටි යන පාතාලයන් දෙදෙනා මේ පිටුපස සිටින බවයි පැවසෙන්නේ.
සැකකරු අත්තනගල්ල යටවක ප්රදේශයේ සැඟවූ ආයුද සොයාගැනීම සඳහා ගොස් සිටියදී පළායාමට උත්සාහ දරා ඇති අතර එහිදී පොලීසිය සිදුකළ වෙඩිතැබීමකින් සැකකාර වෙඩික්කරු මියගොස් ඇති බව වාර්තා වෙනවා.